Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් Edge බ්‍රවුසරයේ සැඟවුණු Surfing ගේම් එක

Windows 95-98 කාලයේ ගේම්ස් රැසක් අඩංගු වුණු CD එකක් ඔබ සතුව තිබුණා නම් Beavis and Butt-Head, Golf (1997), PacMan මෙන්ම SkiFree වැනි ගේම් එහි තිබූ හැටි මතක ඇති. Pirate කළ ඒ CDවල Windows Setup එක සමග කවුරුන් හෝ ඒවා අඩංගු කර තිබෙන්නට ඇති බව වැටහෙන්නේ දැන් ය. කෙසේවතුදු, එකල ආසාවෙන් ක්‍රීඩා කළ SkiFree වෙනස් විලාසයකින් දැන් මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරයක් තුළ සැඟවී පැමිණීමට නියමිත ය.

Game එක සොයාගන්නා හැටි

මෙහි Navigation bar එකේ ඇති ආකාරයට ටයිප් කරන්න (mspoweruser.com)

මයික්‍රොසො‍ෆ්ට් සමාගම තම Edge බ්‍රවුසරයේ පාදම සම්පූර්ණයෙන්ම වෙනස් කොට, ඊට නවමු මුහුණුවරක් ලබාදෙමින් දැන් Chromium මත පදනම්ව පැමිණෙයි. අන්තර්ජාලය නොමැති අවස්ථාවන් හි දී Chrome සතුව ඩයිනෝසර් ගේම් එකක් තිබුණ ද, නව Edge සතුව එවැන්නක් නොමැත. නෙට් නැති වූ විට එය පෞරාණික සහ ඒකාකාරී දෝෂ පණිවුඩයක් දක්වයි. ඇතැම් විට මෙය ඒ සඳහා ලැබිය හැක.

වැඩිදුර කියැවීමට: අලුත් වුණු Microsoft Edge බ්‍රවුසරය වෙත ගුණ අගුණ චාරිකාවක්

මෙය විවෘත කරගැනීම සඳහා කළ යුත්තේ edge://surf යන අභ්‍යන්තරික වෙබ් ලිපිනය වෙත පිවිසීම යි. එහි edge:// යන ප්‍රොටෝකෝලය බ්‍රවුසරය තුළ ඇති වෙබ් පිටුවක් බව නිරූපණය කරන අතර, එය ද chrome://flags වැනි තවත් එක් පිටුවකි. ඇත්තෙන්ම, chrome:// ලෙස ඇති ඒවා පවා Edge තුළ භාවිතා කළ හැක. ඒවා ස්වයංක්‍රීයව edge:// වෙත redirect වේ.

මෙය දැනට ක්‍රියාත්මක වන්නේ Edge හි Canary වෙළුමේ යි. එය Stable release එක වෙත පැමිණෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. එතෙක් ඉවසිය නොහැකි නම් Edge Insider Channels වෙබ් පිටුවෙන් එය බාගත කරගත හැක. Canary, Dev සහ Beta යන වෙළුම්වල අර්ථය ඉහත ‘Edge ගුණ අගුණ’ ලිපියේ අප දක්වා ඇත.

පැරණි SkiFree දැන් වින්ඩෝස් 10 සඳහාත් වැඩ

Windows Vista මත ධාවනය වෙමින් (howtogeek.com)

ඔබ අස්ථායී Edge වෙළුමක් Download කරන්නට මැලිකමක් දක්වන්නේ නම්, පැරණි SkiFree ගේම් එක ඍජුවම බාගත කරගත හැකිය. ඒ සඳහා ski.ihoc.net වෙත පිවිසෙන්න.

එහි ඇති Download ලින්ක් එක හරහා ZIP එකක් ලෙස හෝ EXE එකක් ලෙස ලබා ගන්නට අවස්ථාව තිබේ. එය පැරණි 16bit මෘදුකාංගය නැවත Compile කර 32bit බවට පත් කළ එකක් බැවින් Windows Vista මෙන්ම Windows 10 මත ද ක්‍රියා කරයි. Linux සඳහා ද WINE හරහා ධාවනය කරවිය හැකි බව ‍එම වෙබ් අඩවියේ දැක්වේ.

පැරණි ගේම් එක හිම මත කරන ක්‍රීඩාවක් වන අතර, එම පදනම ගත් අලුත් ගේම් එකේ ඇත්තේ රළ පැදීම හෙවත් Surfing ක්‍රීඩාව යි. ග්‍රැෆික් අතින් Edge සතු වෙළුම ඉතා ඉදිරියෙන් සිටින අතර, කැමති චරිතයක් තෝරාගන්නට ද අවස්ථාව දී තිබේ.

Play කරන ආකාරය

Game Mode එක වෙනස් කළ හැකියි (softpedia.com)

මුල් තිරයේ දී Right සහ Left Arrow Keysවලින් අවශ්‍ය චරිතය තෝරාගත හැක. Spacebar එක එබූ විට Game එක ආරම්භ වේ.

Left සහ Right මඟින් දෙපසට චලනය කිරීමත්, Up Arrow Key එකෙන් ගමන් කිරීම නැවැත්වීමත්, Down මඟින් නැවත යාමටත් හැක. තිරයේ ඉහළ ඇති අකුණු සලකුණු (යන අතරමඟ දී රැස්කර ගත හැක) පිරී ඇති විට F යතුර මඟින් වේගය වැඩිකොට ගමන් කළ හැක.

Mouse එක භාවිතා කරනවා නම්, වමට සහ දකුණට චලනය කරමින් ගමන් කළ හැක. අධි වේගය ලබා ගැනීමට Double Click කළ යුතු වේ. මෙය Xbox Gamepad එකක් පරිගණකයට රැහැන් සහිතව/ රහිතව සම්බන්ධ කිරීමෙන් ද ක්‍රීඩා කළ හැකි වීම විශේෂත්වයකි.

මිනිසුන් වෙනුවට Ninja Cat කෙනෙක් (taisy0.com)

විශාල බාධකවල ගැටෙන විට ජීවිතය අහිමි වන අතර, වම් පස ඉහළ ඇති හදවත් ගණන නැවත උත්සාහ කළ හැකි වාර ගණන පෙන්වයි.

සාමාන්‍යයෙන් Game එකේ ඉලක්කය වැඩිම දුරක් ගමන් කිරීම යි. එහෙත් ආරම්භයේ දී දකුණු පස ඇති හැම්බර්ගර් (තිරස් ඉරි තුන) මෙනු බොත්තමින් Game Mode එක ආකාර තුනකට වෙනස් කළ හැක. Let’s Surf යනු මූලික ආකාරය වන අතර හැකිතාක් දුර ගමන් කළ යුතු වේ. Time Trial යනු අඩු කාලයකින් වැඩි දුරක් ගමන් කිරීම යි. Zig zag තෝරාගත් විට වැඩිම ද්වාර ගණනක් හරහා ගමන් කළ විට ජයග්‍රහණය ලැබේ.

එම මෙනුවේ ම ඇති High visibility mode සක්‍රීය කළ විට බාධක වඩාත් හොඳින් දිස්වන අතර, Reduced speed mode මඟින් ගේම් එකේ වේගය අඩු කරගත හැක.

Browser එකෙන් Play කළ හැකි තවත් ගේම්

Lion King ගේම් එක මතක ද? (ytimg.com)

වෙනත් ‍Games ගැන කියන්න කලින් පොඩි රහසක් එහෙමත් නැත්නම්, Easter Egg එකක් ගැන කියන්න ද? Edge ගේම් එකේ දී Up, Down, Left, Right, Left, Right, Left, Right, සහ Left යන පිළිවෙලට යතුරු තද කළ විට මනුෂ්‍ය චරිතය වෙනුවට නින්ජා පූසෙක් ලබාගන්නට හැකියාව තිබෙනවා.

වෙබ් කලාව දැන් කෙතරම් ඉදිරි ගමනක සිටී ද යත්, එකල පැය ගණන් Install කරමින් අත්විඳි Games මිනිත්තු කිහිපයක් Load වීමෙන් පසු බ්‍රවුසරය හරහාම Play කරන්නට හැකියාව තිබේ. පහත සබැඳීන් හරහා ඒවාට ඔබට පිවිසිය හැක.

Google Search එක තුළ ඇති Atari Breakout, Snakes, Pac man වැනි Games ගැන අපි ගෙන ආ Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා 7ක් ලිපියත් බලන්න.

කවරය: hothardware.com

Related Articles