Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැළපෙන වෙබ් බ්‍රව්සරයක් තෝරා ගන්නේ කොහොමද ?

අන්තර්ජාලයට පිවිසෙන ඕනෑම කෙනකුට Web Browser එකක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. 2021 වෙද්දී ඔබට ඔබේ පෞද්ගලික කැමැත්ත මත පදනම් ව කැමති ආකාරයෙන් තෝරගන්න මදි නොකියන්න වෙබ් බ්‍රව්සර්ස් තියෙනවා. ඒත් ගොඩ දෙනෙක් තමන් භාවිත කරන වෙබ් වෙබ් බ්‍රව්සරයෙන් උපරිම ක්‍රියාකාරිත්වය ලබන්නේ නැහැ. එහෙම නැති නම් පුරුදු නිසා පමණක් තමන්ට නොගැළපෙන වෙබ් බ්‍රව්සර් එකක හිර වෙලා ඉන්නවා. මේ ලිපිය කියවා ඔබට ගැළපෙන වෙබ් බ්‍රව්සරය තෝරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

ඉතිහාසයෙන් පටන් ගනිමු

වර්ෂ 1990 දී WorldWideWeb යන නමින් ම Tim Berners-Lee නිර්මාණය කළ පළමු වෙබ් බ්‍රව්සරය හැඳින්වුණා. මෙයට කිසිදු ආකාරයක images පෙන්විය නොහැකි අතර වෙනම images download කර open කරන්නට අවශ්‍ය වුණා. 

1993 වසරේදී  National Center for Supercomputing Applications පළමු වරට images සහ text යන ද්විත්වය ම දර්ශනය කළ හැකි Mosaic වෙබ් බ්‍රව්සරය නිර්මාණය කළා. මෙය තමයි වර්තමානයේ ඔබ දකින වෙබ් බ්‍රව්සර්වලට පන්නරය දුන් බවට සැලකෙන්නේ. 

ජනප්‍රියත ම Browsers අතර පෞද්ගලිකත්වය හා ආරක්ෂාව අතින් ඇති පහසුකම් – mozilla.org  

ඉන් පසු Mosaic හි ප්‍රධාන web developerවරයා වෙනම සමාගමක් ආරම්භ කළා ඒ Netscape. ඒ සමාගමෙන් Netscape Navigator වෙබ් බ්‍රව්සරය නිර්මාණය වුණා. ඒ 1996 වසරේදී පමණ.

Netscape ඔවුන්ගේ source code එක Spyglass, Inc. වෙත ලබා දුන්නා. ඒ සමාගම “spyglass Enhanced Mosaic” web browser එක නිර්මාණය කළා.  

මේ spyglass Enhanced Mosaic වෙබ් බ්‍රව්සරය සමාගම් ගණනාවක් වෙත White Label කර විකුණන්න ඒ සමාගම සමත් වුණා. එලෙස ලබාගත් එක සමාගමක් වෙන්නේ Microsoft සමාගම යි.

ජනප්‍රියත ම Browsers අතර  විශේෂ ආරක්ෂණ පහසුකම් අතින් ඉදිරිය ගත් වෙබ් බ්‍රව්සර – mozilla.org 

Microsoft සමාගම Internet Explorer ඔවුගේ Windows 95 plus සංස්කරණය සමඟ නිකුත් කළා. පසු කාලීනව මෙය ඔවුන්ගේ සෑම මෙහෙයුම් පද්ධතියකට ම ඇතුළත් කළා.  මුල් කාලයේ Apple සමාගම පවා ඔවුන්ගේ පරිගණකවල මේ Internet Explorer එක භාවිත කළා. 

මෙතෙක් පැවති Internet Explorer වෙනුවට  2003 වසරේදී ඇපල් සමාගම තමන්ගේ ම වෙබ් බ්‍රව්සරය වන Safari හඳුන්වා දෙනවා. 

 Internet Explorer ආගමනය එක්ක Netscape වෙත වූ වෙළඳපොළ වටිනාකම අහිමි වුණා. තවදුරටත් මේ ව්‍යාපෘතිය පවත්වාගන්නට නොහැකි තැන ඔවුන් මෙය Open-source ව්‍යාපෘතියක් බවට පත් කළා. එය නම් වුනේ Mozilla ලෙසයි. 

ඔබේ උපාංග අතර වැඩ කිරීමේ හැකියාව අතින් ඉදිරිය ගත් වෙබ් බ්‍රව්සර -mozilla.org 

2004 වසරේදී Mozilla ඔවුන්ගේ මුල් ම වෙබ් බ්‍රව්සරය ලෙස Firefox ලෝකයට හඳුන්වා දෙනවා. 

2005 දී Freeware එකක් බවට පත් වෙන Opera Browser එකත්,  2008 දී Google සමාගම Chrome Browser එකත්, 2015 දී Microsoft සමාගම Internet Explorer වෙනුවට නව්‍ය අත්දැකීමක් එක කරන්න Microsoft Edge එකත් හඳුන්වා දෙනවා. 

Mozilla Firefox 

ලෝකයේ බහුල ව භාවිත වෙන වෙබ් බ්‍රව්සරයක් වෙන Firefox අද වෙද්දී Google Chrome haters ලා ගේ බ්‍රව්සරය විදිහටත් හැඳින්වෙනවා.  Chrome ඇතුළු අනෙක් තරගකාරී වෙබ් බ්‍රව්සර්වලට වඩා privacy අතින් ඉතාම ඉහළ තැනක ඉන්න browser එකක් විදිහට කාගේත් පිළිගැනීමට මෙය ලක්වෙනවා. ලොකු බලයක් නැති සාමාන්‍ය පරිගණකයක හෝ දුරකතනයක වුණත් ඉතා ම හොඳ මට්ටමෙන් භාවිත කළ හැකි විශ්වාසදායි යෙදුමක් විදිහට පුද්ගලිකව මාත් මේ Firefox  හඳුවන්න කැමතියි.

ඔබේ Passwords අන්තර්ජාලයට නිකුත් වී ඇතිදැයි සොයාබලන Have I Been Pwned පහසුකම, වෙබ් අඩවිවලට ඔබ ට්‍රැක් කිරීමේ හැකියාව අවම කරන පහසුකම්, In bult popup blockers වගේ ඉතා විශාල පරාසයක පහසුකම් ගණනාවක් Firefox මගින් පරිශීලකයකුට ලබා ගන්න පුළුවන්. 

Mozilla Firefox 85 to Allow Easy Installation of Supported Extensions for Android Users
Mozilla Firefox වෙබ් බ්‍රව්සරය – gadgets.ndtv.com 

Open Source මෘදුකාංගයක් නිසා වගේම මේ වටා එක රොක් වී සිටින loyal user base එක නිසා අදටත් මේ ව්‍යාපෘතිය කිසිම ගැටලුවකින් තොරව ඕනෑම කෙනකුට නොමිලයේ භාවිත කරන්නට හැකි වෙන ලෙස පවතිනවා. කෙසේ වුවත් මේ සමඟ ම සමකාලීන ව භාවිත වන තරගකාරී අනෙක් බ්‍රව්සර් සමග සැසඳූ විට යම් තරමක මන්දගාමී බවක් මෙහි දැකගන්න පුළුවන්.  අධික ලෙස ට්‍රැකින්ග්, කුකීස් වැනි දේ බ්ලොක් කරන වැඩසටහන් නිසා සමහර වෙබ් පිටු නිසි ලෙස ක්‍රියා නොකරන්නත් ඉඩ තිබෙනවා. 

Google Chrome 

ලෝකයේ ප්‍රසිද්ධ ම වෙබ් බ්‍රව්සරය ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැහැ. පරිගණකයක්, දුරකතනයක්  භාවිත කරන ඕනෑම කෙනෙක් මේ වෙබ් බ්‍රව්සරය ගැන අසා තිබෙන බවට සැකයක් නැහැ. Chromium engine එක භාවිතයෙන් නිපදවා ඇති ප්‍රකට ම බ්‍රව්සරය වන මෙය web browser අතර තිබෙන අලංකාර ම UI එකක් සහිත වෙබ් බ්‍රව්සර් එකක් ලෙස ලොව පුරා පිළිගැනෙනවා.

Google Chrome වෙබ් බ්‍රව්සරය – henrilechatnoir.com 

Google සමාගමේ තාක්ෂණයෙන් බලගැන්වෙන නිසා වගේම කිසිම ගැටලුවකින් තොරව සියලු ම Google services භාවිත කළ හැකි වීමත් මෙයට අමතර ලකුණු එක් කරනවා. ඔබ භාවිත කරන පරිගණකය හෝ දුරකථනය තරමක් powerfull එකක් නම් කිසිම ගැටලුවකින් තොරව මේ වෙබ් බ්‍රව්සරය ඔබට භාවිත කරන්න හැකියාව තිබෙනවා. 

හැබැයි ඔබ මේ ලිපිය ලියන මා වගේ Privacy ගැන තරමක් වැඩි දුර හිතන කෙනෙක් නම් මෙය භාවිත කරන්න මැලි කමක් දක්වන බව මට විශ්වාසයි. ඒ ගැන අපි “Google Chrome බ්‍රව්සරය සැබැවින් ම ආරක්ෂිත ද?” ලිපියෙන් ඔබ දැනුම්වත් කළා ඔබට මතක ඇති. Privacy කෙසේ වෙතත් තරමක් අඩු performance සහිත උපාංගයක මෙය හරහා වැඩ කර ගැනීම නම් තරමක් අපහසුයි. 

Microsoft's new Chromium-based Edge browser logo.
Microsoft Edge වෙබ් බ්‍රව්සරය –  howtogeek.com 

Microsoft Edge 

Microsoft සමාගමේ Microsoft Edge වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමඟ ඔබට pre installed ලැබෙන default web browser එක යි. Chromium ආශ්‍රිත ව නිර්මාණය ව තිබෙන නිසා Chrome සතු ව පවතින සියලු ගුණාංග සහ low performance පරිගණකයක වුවත් ධාවනය කළ හැකි ලෙස Optimized කර ඇති නිසා මේ වන විට තිබෙන හොඳ ම වෙබ් බ්‍රව්සර් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 

Google Chrome තරම් ඔබව ට්‍රැක් කිරීමක් සිදු නොකරන නිසා Privacy ගැන වැඩිපුර හිතන කෙනකුට වුණත් ගැටලුවකින් තොරව මෙය භාවිත කරන්න හැකියාව තිබෙනවා. Firefox සතුව වගේ ම පවතින ට්‍රැකින්ග් පරිශීලකයාට අවශ්‍ය නම් බ්ලොක් කිරීමේ හැකියාව වැනි Privacy options තිබෙන නිසා වගේ ම වේගවත් බව අතිනුත් ඉහළ තැනක ඉන්න අද වෙද්දී Microsoft Edge වෙත හැකියාව ලැබී තිබෙනවා. 

Brave Vs Opera
 Brave සහ Safari වෙබ් බ්‍රව්සර – www.guidingtech.com

Opera, Brave සහ Safari 

Chromium ආශ්‍රිතව ම නිර්මාණය ව තිබෙන මේ වෙබ් බ්‍රව්සර් තුන ම සාමාන්‍ය  පරිශීලකයකුට ඉතාම හොඳ බව මට පුද්ගලික අත්දැකීමෙන් ඔබට කියන්න පුළුවන්.  විශේෂයෙන් ම ඔබ ඇපල් /  මැකින්ටොෂ් පරිගණකයක් භාවිත කරන කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ Safari ම තමයි. වඩාත් හොඳින් ඔබේ වැඩ කටයුතු කරගන්නට එය ඔබට සහාය ලබා දේවි. 

Opera වෙබ් බ්‍රව්සරය – henrilechatnoir.com 

Brave කියන්නේ Privacy ගැන ම සැලකිලිමත් ව නිර්මාණය වූ වෙබ් බ්‍රව්සර් එකක්. අද වෙද්දී මෙයත් බොහෝ දෙනෙක් තමන්ගේ එදිනෙදා භාවිතයට අරගෙන තිබෙනවා. 

Opera වෙබ් බ්‍රව්සරය ලෝකයේ පැරණි ම වෙබ් බ්‍රව්සර්වලින් එකක්. මුල් කාලයේ මිල දී ගෙන භාවිත කළ යුතු වුවත් පසුව එය Freeware එකක් බවට පත් කරන්නට එම සමාගම කටයුතු කළා. අද වෙද්දී සාමාන්‍ය පරිශීලකයකුට භාවිත කළ හැකි හුරුබුහුටි ම වෙබ් බ්‍රව්සර් අතර මුල් තැනක Opera ත් පවතිනවා. 

මේ පහළින් තියෙන්නේ ජනප්‍රියත ම Browsers අතර තියෙන පහසුකම් පිළිබඳ දර්ශක තුනක්.

පෞද්ගලිකත්වය සුරැකීම හා ආරක්ෂාව – mozilla.org  

විශේෂ ආරක්ෂණ පහසුකම් – mozilla.org 

ඔබේ උපාංග අතර වැඩ කිරීමේ හැකියාව-mozilla.org 

* මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

පනස් වසක අන්තර්ජාල සන්ධිස්ථාන

Google Chrome බ්‍රව්සරය සැබැවින් ම ආරක්ෂිත ද?

Incognito Windowවල කරන – බලන ඒවා ආරක්‍ෂිත ද?

කවරයේ ඡායාරූපය - කැමති ආකාරයෙන් තෝරගන්න මදි නොකියන්න වෙබ් බ්‍රව්සර්ස් තියෙනවා - comic.browserling.com 

මූලාශ්‍ර 

Pcmag.com 

Techradar.com 

Gdpr.eu 

Linustechtips.com 

Youtube.com 

Mozilla.org 

Ncsa.illinois.edu 

Related Articles