Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙහෙයුම් පද්ධති සංස්කරණයකට Microsoft සූදානම්?

තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වූ Microsoft සමාගම 2022 වසර වෙනුවෙන් එළිදැක්වෙන ඔවුන්ගේ නවතම උපාංග මාදිලි පෙළ මීට ටික දිනකට පෙර හඳුන්වා දුන්නා. ඒ අතරට Surface Pro 8, Surface Duo 2, සහ නව flagship laptop එකකුත් ඇතුළත් වුණා. කොහොම නමුත් දැන් Microsoft සමාගම නිකුත් කරන්නට නියමිත නව මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවත් කරුණු අනාවරණය වෙනවා. 

Microsoft සමාගම ඔවුන්ගේ නව Surface Laptop SE ලැප්ටොප් එක නිවේදනය කිරීම සමඟ Chromebook උපාංග වෙත ඇති වෙළඳපොළ ඒ වෙත ඇද ගනීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ Microsoft සමාගම උදම් අනනවා. ඒ 2022 වසර වෙනුවෙන් නිකුත් වෙන Surface Laptop SE උපාංගය අමෙරිකානු ඩොලර් 249 ලෙසින් මිලක් නියම කරමිනු යි.

දෘඩාංගමය අතින් ගත්ත ම මෙය  Chromebook සමඟ කරට කර තරග කළ හැකි හොඳ තරඟකරුවකු ලෙස හැඳින්වීම වරදක් නැහැ. කොහොම වුණත් මෘදුකාංගමය අතින් Android based එන Chrome OS සමඟ තරග කිරීමට Microsoft සමාගමට මෙතෙක් හැකියාවක් තිබුණේ නැහැ. මෙයට විසඳුමක් විදිහට ඔවුන් Windows 11 SE හඳුන්වා දෙන්නට තීරණය කර තිබෙනවා. 

Surface Laptop SE 

Surface Laptop SE කියන්නේ Microsoft සමාගම මෙතෙක් හඳුන්වා දුන් හොඳ ම low-cost Laptop එක යි.  Surface Laptop Go Laptop  එකේ ඇති keyboard සහ trackpad එක එලෙසින් ම මේ උපාංගය වෙත ඇතුළත් වෙනවා. මෙහි සම්පුර්ණ ආවරණය ම නිර්මාණය වෙන්නේ ප්ලාස්ටික්වලින්. 1366 x 768 resolution එකක් සහිත 11.6-inch display එකක් මෙය සතු බව අපට දැක බලාගන්නට පුළුවන්.

මේ උපාංගය සතු ව පවතින තවත් විශේෂත්වයක් වෙන්නේ වසර 7කට පසුව තමයි Microsoft සමාගම 16:9 Surface device එකක් හඳුන්වා දෙන්නේ. මුලින් සඳහන් කළා වගේම Surface Laptop SE ලැප්ටොප් එක Chromebook සමඟ කරට කර තරගයක් ලබාදෙන තරගකාරයකු බවට පත් වුණාට මෙහි තිබෙන ප්‍රධානත ම අඩුපාඩුව ලෙස හඳුන්වන්නට පුළුවන් වෙන්නේ Chromebook ලැප්ටොප් එක SE එකෙහි මිලට ම 10.1-inch (1920 x 1200) display එකක් ලබා දීම පමණ යි. 

 Surface Laptop SE ලැප්ටොප් උපාංගය – microsoft.com  

 

Intel’s Celeron N4020 හෝ N4120 මාදිලිවලින් ඔබට Surface Laptop SE  ලබා ගන්න පුළුවන්. ඒ අතර ම 4GB / 8GB RAM සහ 64GB හෝ 128GB eMMC storage එකක් සහිතවත් එය මිල දී ගන්න ඔබට පුළුවන්.  මෙහි තිබෙන 720p සහාය දක්වන 1-megapixel front-facing camera එක Microsoft Teams meetings වෙත ඉතා හොඳින් සහය දක්වාවි.

ඊට අමතර ව USB-A port, USB-C port, barrel-type DC connector එකක් සහ  3.5mm headphone jack එකක් ද මෙයට ඇතුළත්. Microsoft magnetic Surface charging port එකක් රහිත ව වෙළඳපොළට එන පළමු Surface laptop එක බවට Surface laptop SE පත්වෙනවා. 

2022 වසරේ මුල් කාර්තුවේ දී නිල වශයෙන් Surface laptop SE වෙළඳපොළට නිකුත් වීමට නියමිත යි. Microsoft සමාගම ඔවුන්ගේ හඳුන්වා දීමට නියමිත නව උපාංග ඉතා පහසුවෙන් අලුත්වැඩියා කළ හැකි ලෙස නිෂ්පාදනය කරන්නටත් බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන්  කරනවා. 

Samsung Galaxy Chromebook 2 – cnet.com 

 

Chrome OS සමඟ සටනට එන Windows 11 SE 

Windows 11 අද වෙද්දී බොහෝ දෙනකු භාවිත කරන්නට පටන් අරගෙන තිබෙනවා. තවමත් නිකුත් කර වැඩි දවසක් ගතවී නොමැති නිසා, තවමත් එය සතු ව යම් යම් ගැටලු තිබෙන බවත් අපට දැන ගන්නට ලැබෙනවා.  කොහොම වුණත් Chromebook සමඟ එන  Chrome OS වෙත කරට කර තරගකාරීත්වයක් ලබාදෙන්නට පුළුවන් Windows 11 SE මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වෙන්නේ විශේෂයෙන් ම සිසුන් සඳහා ම යි.  යුරෝපා රටවල්වල K-8 classrooms තුළ අතිශය ජනප්‍රිය Chromebook  වෙත අභියෝග කිරීම තමයි මෙහි අරමුණ.

මීට පෙර විශේෂ මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා නොදී Windows 10 සමඟ S Mode  එකක් එහෙම නැති නම් Microsoft Store එකෙන් ලබාගන්නා apps පමණක් භාවිත කළ හැකි Mode  එකක් හඳුන්වා දෙන්න උත්සහ කළා. නමුත් එය අසාර්ථක වුණා. මෙයට ප්‍රධානත ම හේතුව ලෙසින් දක්වන්න පුළුවන් වෙන්නේ Microsoft Store එකෙහි ප්‍රමාණවත් තරම් apps නොමැති වීම යි. එම නිසා මෙය අත්හදා බැලූ බොහෝ පාසල් සහ සිසුන් එය භාවිත කිරීම ප්‍රතික්ෂේප කළා. 

Windows 11 SE මේ ගැටලුව වෙත ලබා ගන්නේ වෙනස් ම ප්‍රවේශයක් බව යි අපට දැන ගන්නට ලැබෙන්නේ.  (Windows 10X තමයි මුලින් ම Microsoft සමාගම නිෂ්පාදනය කරන්න උත්සහ කළේ. නමුත් එය අතරමඟ නවතා දැමුණා.) අලුතෙන් හඳුන්වා දෙන low-cost devices වෙත මේ නව Windows 11 SE හඳුන්වා දෙන අතර ම එය Microsoft apps සඳහා පමණක් සීමා නොවන බව තමයි දැන ගන්නට ලැබෙන්නේ.

third-party apps සඳහාත් සහාය

මේ නව මෙහෙයුම් පද්ධතිය third-party apps සඳහාත් සහාය ලබා දෙනවා. විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන නිර්මාණය වෙන නිසා Zoom වැනි apps අනිවාර්යෙන් ම භාවිත කිරීමට ඉඩ ලබා දී තිබෙනවා පාසල් පද්ධතියක් සමඟින් නම් මේ උපාංග භාවිත වෙන්නේ  ඒ වෙත install කළ හැකි third-party apps මොනවා ද යන්න තීරණය කිරීමට IT adminවරුන්ට ඉඩ ලබා දී තිබෙනවා. 

Windows 11 හා සැසඳූ විට  SE  සංස්කරණයේ එතරම් ලොකු වෙනසක් දකින්නට ලැබෙන්නේ නැති බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.  Microsoft ආයතනය සිසුන් සහ ගුරුවරුන් සමඟ සම්බන්ධ වෙමින් low-cost devices වෙත කොයි ආකාරයේ ප්‍රවේශයක් ලබා ගත යුතු ද යන්න පිළිබඳ ව ඉතා විශාල පර්යේෂණ  ගණනාවක් සිදු කර තිබෙනවා. 

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

Surface event එකෙන් 2021ට පෙරළිකාර  උපාංග  

Apple උපාංග රැසක් එළි දුටු California Streaming 

Facebook metaverse හා එකතු වන Microsoft Teams  

කවරයේ ඡායාරූපය - Windows 11 SE -  Microsoft.com 

මූලාශ්‍ර:

Microsoft.com 

Theverge.com 

Uspirg.org 

Grist.org 

Related Articles