Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද? 

ඔබ දකින ලෝකයට වඩා සමහරවිට සැබෑ ලෝකය අඳුරු යි. අන්තර්ජාලයත් ඔබ දකිනවාට වඩා ගැඹුරුයි, අඳුරුයි. මේ ලිපිය කියවන ඔබ ඉන්නේ අන්තර්ජාලයේ මතුපිට බව ඔබ දන්නවා ද? ලෝකයේ ගැඹුරු ම පතුලට යන්නට විශේෂිත උපක්‍රම හා උපාංග ද අවශ්‍ය වෙනවා වගේම අන්තර්ජාලයේ ගැඹුරුම තැන්වලට යන්නත් ඔබට විශේෂිත ක්‍රමවේදයන් භාවිත කරන්නන්ට සිදු වෙනවා. මේ ලිපිය දිගහැරෙන්නේ අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ ගවේෂණයට සහාය දෙන Onion Browsing එහෙම නැති නම් Tor  ගැන යි. 

ඔබ හිතුවද අන්තර්ජාලයේ ආරක්ෂිතව ම සැරිසරන ක්‍රමවේදය ලූණු ගෙඩියක පිටුපස සැඟවෙන එක කියලා? මේකේ දී නම් අපි ආහාරයට ගන්න ලුණු එහෙම නැති නම් Onion ගැන නෙමෙයි අදහස් වෙන්නේ. හැබැයි ලූණු ගෙඩියේ සංකල්පයට සමාන වෙන නිසා තමයි මේ නම මේකට යොදලා තියෙන්නේ. 

Tor Web Browser එක – wikimedia.org

 

මොකද්ද මේ Onion Routing?

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව ඔවුන්ගේ  යුද සහ බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැක ගැනීම අරමුණු කර ගෙන 1990 දී Onion routing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් නිර්මාණය කරනවා. මේ හරහා සතුරන්ට ඔවුන්ගේ රහස් දැන ගන්නට තියෙන ඉඩ සහ ඔවුන් ඔබ අන්තර්ජලයේ සිදු කරන දේ ලුහු බැඳීමට (track කරන්නට) තියෙන ඉඩ බොහෝ දුරකට අහුරා ගන්නට ඔවුන් සමත් වෙනවා.අමෙරිකා DARPA ආයතනය, ඒ කියන්නේ Defense Advanced Research Projects Agency එක මේ සංකල්පය 1997 වසරේ දී වැඩි දියුණු කරන්නට සමත් වුණා. ඔහොමයි මේ ව්‍යාපෘතියේ මුලික අඩිතාලම වැටෙන්නේ. 

පසු කාලයේ මේ සංකල්පය සාමාන්‍ය ජනතාව අතරට පත් වෙන්නේ අන්තර්ජාලය සාමාන්‍යකරණය වීමත් එක්ක ම යි. පරිගණක ක්‍රමලේඛනකරුවන් කිහිප දෙනකු එකට එකතු වෙලා  Tor (The Onion Router) නම් web browser මෘදුකාංගයක් ලෙස සංවර්ධනය කරලා අන්තර්ජාලයට මුදා හැරියා.  අදටත් මෙය ලාබ නොලබන ආයතයක් ලෙස ක්‍රියාත්මක වෙන අතර ම Firefox වෙබ් බ්‍රව්සරයට සමානවයි මේ Tor web browser එක  ක්‍රියාත්මක වෙන්නේ. www.torproject.org web අඩවියෙන් ඔබටත් මේ වෙබ් Browser එක නොමිලයේ භාගත කරගන්න පුළුවන්. 

ක්‍රියාවලිය සරලව – f95zone.to 

මේ Tor web browser එකට ලූණු ගෙඩියේ සංකල්පය භාවිත වෙන්නත් Onion නම ලැබෙන්නත් හේතු වෙන්නේ ලුණු ගෙඩියේ ස්තර ගණනාවකින් තියෙන පොතුවලින් මැද ආරක්ෂා වෙනවා කියන අදහස අනුව යි. 

Onion Routing වැඩ කරන්නේ කොහොමද? 

සරලව ම මේ Onion Routingවල ක්‍රියාවලින් පැහැදිලි කළොත් ඔබ යම් වෙබ් අඩවියකට යොමු වීමට සිදුකරන ඉල්ලීමක් සෘජු ව එම වෙබ් අඩවිය වෙත නොයවා එම මෘදුකාංගය හරහා ඔබේ අන්තර්ජාල පිවිසුම් ඉල්ලීම විකේතනය කර අහඹු ලෙස Tor ජාලයේ තිබෙන විවිධ සර්වර් හරහා යවා අවසානය වෙත ගෙන යනවා. තවත් සරල කළොත්  “පරංගියා කෝට්ටේ ගියා වගේ” විවිධ විවිධ මාවත්වලින් ඔබ හා ඔබේ අන්තර්ජාල පිවිසුම් ඉල්ලීම ‘බැක් ට්‍රේස්’ කිරීම පහසු කරවීම සිදු කෙරෙනවා. හැකර්වරුන් පවා මෙවැනි ක්‍රමවේද තමයි භාවිත කරන්නේ. 

මේ Tor ක්‍රමවේදය භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසීම හරහා ගැටලු මතුවෙන්නත් ඉඩ තියෙනවා. 

Tor සහ අන්තර්ජාල ගැටලු

මේ ක්‍රමවේද මඟින් ඔබට අන්තර්ජාලයේ වඩා ආරක්ෂාවක් හිමිවුවත්, ඔබේ අන්තර්ජාල පිවිසුම් ඉල්ලීම වෙබ් රිලේ හෝ වෙබ් සර්වර්ස් තුනකින් වත් අවම වශයෙන් ගමන් ගන්නා නිසා ඉතාම මන්දගාමී වෙන්න ඉඩ තියෙනවා. ඒවගේම මෙහිදී භාවිත වෙන IP address නොමිලයේ පොදුවේ භාවිත වෙන ඒවා නිසා Google වෙත පිවිසීමේ දී පවා ඔබෙන් Captcha වැනි යමක් තුළින් ඔබ අන්තර්ජාල Robot කෙනෙක් නොවන බවට තහවුරු කරගගැනීම සිදු කෙරෙනු ඇති යි. එය ඉතාම කරදරකාරී බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

Tor වැනි ක්‍රමවේද භාවිත කරමින් ඔබ, විශේෂයෙන් Facebook වැනි සමාජ ජාල භාවිත කිරීමට උත්සහ කළොත් ඔබේ ගිණුම් තාවකාලික ව හෝ සදහට ම අක්‍රීය වෙන්නටත් ඉඩ තිබෙනවා. මුලින් කිව්වා වගේ මෙහි දී භාවිත වෙන IP පොදුවේ භාවිත වෙන ඒවා නිසා බොහෝ විට DDOS Attacks වැනි දේ සඳහා ඒවා භාවිත කර තිබෙන්නට ඉඩ තියෙනවා. එවිට එවැනි IP ලිපිනයක් ඔබට ලැබුණොත් ඔබේ ගිණුම් අනතුරේ වැටෙන්නත් ඉඩ තියෙනවා. 

100 % ඔබ ආරක්‍ෂිත ද?

සරල උත්තරය නැහැ. මෙවැනි ක්‍රමවේදවලින් ඔබට 100 % ආරක්‍ෂිත වන්නට නම් බැහැ. විශේෂයෙන් ඔබ මෙවැනි ක්‍රමවේදයන් ගෙන් යම් ආකාරයක නීතිවිරෝධී යමක් සිදු කරන්නට හිතනවා නම් මතක තබාගන්න ඔබ ට්‍රැක් කරන්න අවශ්‍ය නම් ඉතාම පහසුවෙන් රජයකට එය කළ හැකි ක්‍රමවේද පවතින බව.

සරල ව ඔබ අන්තර්ජාලය භාවිත කරන කෙනෙක් නම් ඔබට Tor කිසිම විටක අවශ්‍ය වෙන්නේ නැහැ. යම් ආකාරයක Privacy එකක් අවශ්‍යයි නම් VPN එකක් වගේ විසඳුමකට යාම ඔබට වඩාත් සුදුසු වෙනවා. ඔබට ඒ සඳහා Proton VPN වගේ නොමිලේ ලබාදෙන එකක් වුණත් භාවිත කරන්න පුළුවන්.

මේ ලිපිය ලියන මගේ නම් පුද්ගලික මතය නම් ඔබ Commercial VPN එකක් භාවිත නොකර ඉන්න තරමට හොඳයි කියන එක. ඔබට හැකි නම් සහ යම් මට්ටමක අන්තර්ජාලය ගැන තාක්ෂණය ගැන අවබෝධයක් තිබෙනවා නම් ඔබේ ම VPN එකක් හදන එක තමයි හොඳම විසඳුම. ඔබේම VPN එකක් තුළ මෙය ක්‍රියාත්මක වෙන නිසා ආරක්ෂාව ගැන හෝ වෙනත් කෙනෙක් ඔබ ට්‍රැක් කිරීමක් ගැන වැඩි බයක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ.  

මේ හා සබැඳි තවත් ලිපිවලට පහතින් පිවිසෙන්න :

Incognito Windowවල කරන – බලන ඒවා ආරක්‍ෂිත ද?

ගැළපෙන වෙබ් බ්‍රව්සරයක් තෝරා ගන්නේ කොහොමද ? 

අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ: The Dark Web

Free VPNවල පරිශීලක දත්ත අවභාවිතාව ගැන TheBestVPN කළ හෙළිදරව්ව

කවරයේ ඡායාරූපය: The Onion Router web browser - torproject.org 

මූලාශ්‍ර:

Pexels.com 

Gdpr.eu 

Linustechtips.com 

Youtube.com 

findlaw.com

torproject.org

Related Articles